Subasa Services

මෙය සිංහල අක්ෂර වින්‍යාස පරීක්ෂකයකි (Spell Checker). සිංහල යුනිකෝඩ් ක්‍රමයට යතුරු ලියනය කළ ලියවිලිවල අල්පප්‍රාණ-මහප්‍රාණ, න-ණ, ල-ළ වැනි අක්ෂර වින්‍යාසය වැරදි පරීක්ෂා කර ගැනීමට මෙය උදව් වෙයි.

මෙය සිංහල කථනය අකුරු බවට පරිවර්තනය කරන පද්ධතියකි (Voice to Text System). යතුරුපුවරු භාවිත නොකර පරිගණකයට කතා කොට එමගින් සිංහල ලේඛන යතුරු ලියනය කර ගැනීම සඳහා මෙය උදව් වෙයි.

මෙය සිංහල භාෂාව සඳහා සැකසුණු පෙළ කථන පද්ධතියකි (Text-to-Spech (TTS) System). සිංහල යුනිකෝඩ් ක්‍රමයට ඇති ලේඛන ස්වභාවික මිනිස් හඬින් පරිගණකය ලවා කියවා ගැනීමට මෙය උදව් වෙයි. 

මෙය දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා උපකාරී වන භාෂා පරිවර්තකයකි (Tamil – Sinhala Machine Translation System). දෙමළ භාෂාව නොදන්නා අයට සරල පරිවර්තන කටයුතු සිදු කර ගැනීමට මෙය උදව් වෙයි.

මෙය දෘශ්‍යාක්ෂර සංජානන පද්ධතියකි (Optical Character Recognition (OCR) System). මෙමගින් පින්තූර හෝ PDF වැනි සංස්කරණය කළ නොහැකි සිංහල ලේඛන සංස්කරණය කළ හැකි අකුරු සහිත ලියවිල්ලක් බවට පරිවර්තනය කර ගත හැකි ය.