About us

පරිගණක දේශියකරණ කටයුතු සහ භාෂා පැසුරුම්කරණ කටයුතු හා පර්යේෂණ අරමුණු කරගනිම්න් 2004 වසරේ දී පිහිටුවන ලද කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයෙහි භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය මගින් සිංහල සහ දෙමළ භාෂා සඳහා සිදු කළ සහ දැනට සිදු කෙරෙමින් පවතින පර්යේෂණ රාශියකි. ඒ අනුව කථනය හඳුනාගැනීම (Speech Recognition), පරිගණකාශ්‍රිත භාෂා පරිවර්තනය (Machine Translation) සහ පරිගණක ව්‍යාකරණය (Computational Grammar) ආදී වූ භාෂා පැසුරුම්කරණ පර්යේෂණ කටයුතුවල මේ වන විට ද නියැලෙමින් සිටියි.
සුබස වෙබ් අඩවිය යනු භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය මගින් සිදු කරනු ලබන පර්යේෂණ ප්‍රතිඵල අනුව නිර්මාණය වන පරිගණක මෘදුකාංග සහ මෙවලම් ජනතාවට ලබා දීම සඳහා ආරම්භ කළ වෙබ් අඩවියකි.